Gossips

පළාත් 5කට පත් කෙරුනු නව ආණ්ඩුකාරවරුන් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

පළාත් 5 ක් සඳහා පත් කෙරුනු නව ආණ්ඩුකාරවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
ඒ ජනාධිපති කාර්යාලයේදීයි.
බස්නාහිර පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙසට අසාද් සාලි ද මධ්‍යම පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙසට සතේන්ද්‍ර මෛත්‍රී ගුණරත්න ද උතුරු මැද පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙසට සරත් ඒකනායක ද දිවුරුම් දුන්නා.
වයඹ පළාත වෙනුවෙන් පේෂල ජයරත්න සහ නැගෙනහිර පළාත වෙනුවෙන් එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා ද ආණ්ඩුකාරවරුන් ලෙසට දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අතර තමන් අද පෙරවරුවේ එම තනතුරෙන් ඉල්ලා අස්වූ බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.
එසේම පුරප්පාඩු වූ එම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර පත් කරන බව ජනාධිපතිවරයා තමන්ට ප්‍රකාශ කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.