Gossips

පළාත් 4 කට සහ දිස්ත්‍රික්ක දෙකකට හෙට උණුසුම් කාලගුණයක්

උතුර, උතුරුමැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල මෙන්ම හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්ක වල හෙට දිනයේදීත් වැඩි අවධානයක් යොමුකළ යුතු උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මෙම තත්ත්වය හේතුවෙන් විජලනය සහ මස්පිඩු පෙරළීම, අධික මහන්සිය මෙන්ම ආඝාත තත්ත්වයන්ද ඇතිවිය හැකි නිසා ප්‍රමාණවත් ලෙස ජලය පානය කර, සෙවණ ඇති ස්ථානවල රැඳී සිටින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
එමෙන්ම එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතුවල නිරතවීමෙන් වළකින ලෙසද ඔවුන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
මෙම උණුසුම් තත්වය හේතුවෙන් වැඩ බිම් තුලදී ප්‍රමාණවත් ලෙසට ජලය පානය කළ යුතු අතර සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසට දැනුම් දෙනවා.
නිවෙස් තුලදී වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.
වාහන තුල කුඩා ළමුන් තනිව රඳවා නොයන ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කර සෙවන ඇති ස්ථානවල රැඳෙන ලෙසට මෙන්ම ප්‍රමාණවත් ලෙසට ජලය පානය කරන ලෙසටයි ජනතාවට උපදෙස් ලබාදී ඇත්තේ.