පළාත් 08ක ආණ්ඩුකාරවරු මාරු කිරීමට රජය තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව නැගෙනහිර පළාත හැර සෙසු පළාත් සියල්ලේම ආණ්ඩුකාරවරුන් මෙලෙස මාරු කෙරෙන බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.
ජනාධිපතිවරයාගේ පාකිස්තාන සංචාරයට පෙර පළාත් නවයේම ආණ්ඩුකාරවරුන් කැඳවා විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා.
පළාත් ආණ්ඩුකාරවරුන්ගේ සේවා කාලය වසර 03ක් වූ පසුව ආණ්ඩුකාරවරුන් පළාතෙන් පළාතට මාරු කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණයකට අනුවයි මෙලෙස සේවා මාරු ලබාදීමට තීරණය කර ඇත්තේ.
