මෙරට පළාත් 04 ක සෞඛ්‍ය කටයුතු ඉහළ නැංවීම සදහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 50 ක මූල්‍යාධාර ලබා ගැනීම සදහා වන ගිවිසුම් දෙකකට අද (26) මුදල් අමාත්‍යාංශයේදී අත්සන් තැබුණා.
ඒ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය එස්. සමරතුංග සහ ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික නියෝජිත ශ්‍රී විධෝවතීගේ ප්‍රධානත්වයෙන්.
මධ්‍යම, උතුරුමැද, සබරගමුව හා ඌව පළාත් වල ග්‍රාමීය රෝහල් සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා නගා සිටුවීම සදහායි මෙම මුදල් ලැබී ඇත්තේ.
