Gossips

පළාත් සීමානිර්ණ වාර්තාව මාස දෙකක් ප්‍රමාද වන බව කථානායකට දැනුම් දෙයි

පළාත් සභා මැතිවරණයට අදාළ සීමානිර්ණ පිළිබඳව තවදුරටත් පුළුල් ලෙස කරුණු සලකා බලා එකඟතාවකට එළඹීමට අවශ්‍ය බැවින් සිය වාර්තාව ඉදිරිපත් කිරීමට තවත් මාස 2ක පමණ කාලයක් ගත වනු ඇති බව ඒ සඳහා පත් කළ සමාලෝචන කමිටුව, කථානායක කරු ජයසූරිය වෙත දැනුම් දී තිබෙනවා.
අද පස්වරුවේ පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමේදීයි මේ පිළිබදව දැනුම් දී ඇත්තේ.
කෙසේ වෙතත්, කථානායකවරයා එහිදී ප්‍රකාශ කළේ කවර තත්ත්වයක් යටතේ වුවද හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය කරුණක් බවයි.
සීමානිර්ණ සමාලෝචන කමිටු වාර්තාව තවදුරටත් ප්‍රමාදවීමට තිබෙන ඉඩකඩ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවදානය යොමුකර එහි අදහස් පක්ෂ නායකවරුන් වෙත කඩිනමින් යොමු කරන බව එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කර තිබෙනවා.