Politics Sri Lanka

පළාත් සභා සීමා නීර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට

පළාත් සභා සීමා නීර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට

‍පළාත් සභා ඡන්ද විමසීම සඳහා වූ සීමා නීර්ණ වාර්තාව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබේ.

සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ යන භාෂා ත්‍රිත්වයෙන්ම අදාළ වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් පළාත් සභා සීමානීර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

අනතුරුව අග්‍රමාත්‍යවරයා විසින් සාමාජිකයින් 05 දෙනෙකුගෙන් සමන්විතව පත් කරනු ලබන කමිටුවක් මඟින් අදාළ සංශෝධන සම්බන්ධයෙන් අවසන් එකඟතාවලට එළඹෙනු ඇත.

ඉන් පසු එය නැවත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය.