Politics Sri Lanka

පළාත් සභා සීමා නීර්ණ කමිටු වාර්තාව අමාත්‍ය ෆයිසර් අතට

පළාත් සභා සීමා නීර්ණ කමිටු වාර්තාව අමාත්‍ය ෆයිසර් අතට

පළාත් සභා ඡන්ද විමසීම සඳහා වූ සාමාජිකයින් 05 දෙනෙකුගෙන් යුත් සීමා නීර්ණ කමිටු වාර්තාව අද (19) පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත බාරදී තිබේ.

අදාළ වාර්තාව අමාත්‍යවරයා විසින් සති දෙකක කාලයක් තුළදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

කෙසේවෙතත් මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කළේ අදාළ වාර්තාව මුද්‍රණයට පෙර සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා අදහස් ලබා ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නම් මෙහි සංශෝධන අවම කර ගැනීමට හැකියාව තිබූ බවයි.