පලාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරිමේ කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.
ඒ, පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින්.
කෙසේ වෙතත්, සීමා නිර්ණය කමිටු වාර්තාව පිළිබඳ ඡන්දයක් පැවත්වීම සම්බන්ධයෙන් අද රැස් වී තීරණය කරන බවයි ඊයේ පැවති පක්ෂ නායක රැස්විමේදී සියළු පක්ෂ නායකයින් එකඟතාව පළ කර ඇත්තේ.
කෙසේ වෙතත්, අද සීමා නිර්ණ වාර්තාව පිළිබඳ විවාදයේදී ආණ්ඩු පක්ෂය සහ විපක්ෂ දේශපාලන පක්ෂ කිහිපයක්ම ඊට විරුද්ධව ඡන්දය භාවිත කරන බව ප්‍රකාශ කර තිබෙනවා.
එක්සත් ජාතික පෙරමුණ, ශීී‍්‍ර ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජාතික කම්කරු පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහ දෙමළ ප්‍රගතිශිලි සන්ධානය ඇතුලූ තවත් පක්ෂ කිහිපයක් ඒ අතර වනවා.
එමෙන්ම ඒකාබද්ධ විපක්ෂයද ඊයේ ප්‍රකාශ කළේ සීමා නිර්ණ වාර්තාවට විරුද්ධව ඡන්දය භාවිත කරන බවයි.
කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ ඊට පක්ෂය ඡන්දය භාවිත කරන බව ප්‍රකාශ කර ඇති අතර, සීමා නිර්ණ කමිටු වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කර ඇත්තේ.