Gossips

පළාත් සභා සීමා නිර්ණ එක්දින විවාදය 22 වනදා

පළාත් සභා සීමා නිර්ණය කිරීමේ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ එක්දින විවාදය ලබන 22 වනදා පැවැත්වීමට පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා.
පිටු 798කින් සමන්විත මෙම වාර්තාව පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර එය තුනෙන් දෙකක බලයකින් සම්මත කර ගත යුතු බව පළාත් සභා ජන්ද විමසීම් සංශෝධන පනතේම දැක්වෙනවා.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගියදා රැස්වූ අතර එහිදී මෙම වාර්තාව විවාදයට ගැනීමට තීරණය කළ බවයි එහි සාමාජික අමාත්‍ය මනෝ ගනේෂන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.