Gossips

පළාත් සභා සීමා නිර්ණය වාර්තාවට අද පස්වරුවේ ඡන්දයක්

පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව පිළිබඳ විවාදය අවසානයේ ඡන්දයක් පැවැත්වීමට පක්ෂ නායකයින් අද පස්වරුවේ තීරණය කර තිබෙනවා.
මේ පිලිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී 11 යි 50 ට පමණ ආරම්භ වූ අතර එහිදී තීරණය වූයේ පස්වරුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමටයි.
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ පක්ෂ නායකයින්ගේ තීරණය අනුව අද පස්වරුවේ ඡන්ද විමසීම පැවැත්වෙන බවයි.