Gossips

පළාත් සභා සීමානිර්ණ වාර්තාව පරාජයට පත්වෙයි

පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුණා.
ඊට පක්ෂව කිසිදු ඡන්දයක් නොලැබුණු අතර, විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 139ක්.
ඒකාබද්ධ විපක්ෂය මෙන්ම එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ දෙමළ සන්ධානය ද ඊට විපක්ෂව ඡන්දය භාවිත කිරීම විශේෂත්වයක්.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ඡන්ද විමසීම පැවැත්වෙන අතරතුර සභා ගර්භයේ රැදී සිටියේ නැහැ.
ඒ අනුව පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත නොවූ බව කථානායක කරු ජයසූරිය නිවේදනය කළා.
එසේම පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාවට විරුද්ධව ඡන්දය භාවිතා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද තීරණය කළ බව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ අද පස්වරුවේයි.