පළාත් සභා ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර සම්බන්ධයෙන් ඉදිරියේදී යළි රැස්වී සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
