Gossips

පළාත් සභා මැතිවරණ රීට් පෙත්සම කල් යයි

කාලසීමාව අවසන් වීමෙන් පසුව විසුරුවා හැර ඇති සියලූම පළාත් සභාවල මැතිවරණ වහාම පැවැත්වීමට පියවර ගන්නා ලෙසට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුලු බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා ගොනුකළ රීට් පෙත්සම් සළකා බැලීම ලබන 11 වනදාට කල් තැබුණා.
හිටපු මහ ඇමති මහීපාල හේරත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන ගොනුකළ එම පෙත්සම් දෙක ඊයේ සලකා බැලූණේ අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර හමුවේයි.
එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ එහි සාමාජිකයින්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පත් කළ පළාත් සභා සීමා නිර්ණ කමිටුවේ සාමාජිකයින්, පළාත්පාලන අමාත්‍ය වජිර අබේවර්ධන ඇතුලු පිරිසක් නම් කර තිබෙනවා.rn