Gossips

පළාත් සභා මැතිවරණ ප්‍රමාදයට කොමිසම වගකිව යුතු නැහැ

පළාත් සභා මැතිවරණය පමාවීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම වගකිව යුතු නැතැයි එහි සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා.
ඒ, රාජගිරිය මැතිවරණ කොමිසන් සභාවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
පළාත් සභා මැතිවරණයට අදාළ කටයුතු ජූනි 30 ට පෙර අවසන් කිරීමට දින වකවානු පවතින බව මැතිවරණ කොමිසමේ මතය බව ඔහු කියා සිටියා.
එතැන් සිට මැතිවරණය පැවැත්වීම සඳහා මාස 3 ක කාලයක් අවශ්‍ය බවද කොමිසමේ සභාපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.