පළාත් සභා මැතිවරණය ලබන ජනවාරියේදී පැවැත්වීමට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.
සියළු කාර්යයන් අවසන් වීමෙන් පසු නොවැම්බර් මාසය වන විට නාම යෝජනා කැඳවීමේ හැකියාවක් ද පවතින බවයි කොළඹ ඊයේ (03) පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
