පළාත් සභා මැතිවරණය එකම දිනෙක සහ පැරණි මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්වීමට ඊයේ රැස්වූ විශේෂ පක්ෂ නායක රැස්වීමකදී වැඩි දෙනා එකඟතාව පළ කළ බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.
හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සදහන් කළේ කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට නොපැමිණි බවයි.
යළිත් වරක් ලබන අඟහරුවාදා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් තීරණය කරන බවයි අමාත්‍ය මනෝ ගනේෂන් වැඩිදුරටත් සඳහන් කළේ.