පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන් අද පෙරවරුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා සිදුකිරීමට නියමිත බව අමාත්‍ය මනෝ ගනේෂන් ප්‍රකාශ කළා.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍යවරයාද සහභාගිවීමට ඉඩ ඇති බවයි.
මේ අතර පසුගිය වසරේ නොවැම්බර් මස 14, 15 සහ 16 යන දිනවල පාර්ලිමේන්තුවේ සිදුවූ කළහකාරී සිදුවීමට අදාළ විශේෂ කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවේදී සභාගත කිරීමට නියමිතව තිබුණා.
කෙසේ වෙතත් එය අනිද්දා දක්වා කල් දැමූ බවයි නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි කියා සිටියේ.
