Gossips

පළාත් සභා මැතිවරණය නොපැවැත්වුවහොත් ඒකාබද්ධය අධිකරණයට

ලබන මාසයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් සැප්තැම්බර් මස අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කළුතර ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව, මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
වර්තමාන ආණ්ඩුවට රට තුළට විදේශ ආයෝජකයින් පැමිණෙන බවට ප්‍රකාශ කිරීමට පවා අවස්ථාව උදා වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ත්‍රස්තවාදීන්ගෙන් රට මුදා ගත් නිසාවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා.
තෙල්දෙනිය ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.