Gossips

පළාත් සභා මැතිවරණය ගැන විශේෂ හමුවක් අද

ඉදිරි පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ක්‍රමවේදය පිළිබඳව තීරණයක් ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (01) පස්වරුවේ පැවැත්වෙනවා.
ඒ, අරලියගහ මන්දිරයේදියි.
පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ක්‍රමවේදය පිළිබඳව ඒ ඒ දේශපාලන පක්ෂ නායකයින් දරණ ස්ථාවරය මෙම පක්ෂ නායක රැස්වීමේදී ඉදිරිපත් කරනු ඇති.
මේ සම්බන්ධයෙන් මීට පෙරද විවිධ සාකච්ඡා සිදු කෙරුණු අතර, පසුගිය බ්‍රහස්පතින්දා පැවති පක්ෂ නායක රැස්වීමේදී ඒ පිළිබඳව එකඟතාවකට පැමිණීමට හැකියාවක් ලැබුණේ නැහැ.