පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ක්‍රමවේදය පිළිබඳ තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් අද පස්වරු 2.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතයි. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.
මෙම හමුවේදී කුමන ක්‍රමවේදයකට පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ද යන්න පිළිබඳ අවසන් තීරණයකට එළඹීමට නියමිත බවයි අමාත්‍ය මනෝ ගනේෂන් හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.
දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් සඳහන් කළේ පසුගිය සාකච්ඡාවලදී එකඟ වූ කරුණු පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට අද දිනයේ මෙම පක්ෂ නායක හමුව පැවැත්වෙන බවයි.
කෙසේ වෙතත් අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමටද ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය අවිනිශ්චිත බව වාර්තා වනවා.
පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මීට පෙර පැවති පක්ෂ නායක රැස්වීම ද ඒකාබද්ධ විපක්ෂය වර්ජනය කර තිබුණා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන.