Gossips

පළාත් සභා මැතිවරණය ඉල්ලා හෙට සිට උද්ඝෝෂණ මාලාවක්

පළාත් සභා මැතිවරණය කඩිනමින් ලබාගැනීමේ ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ මාලාව හෙට පළාත් සභා මැතිවරණය කඩිනමින් ලබාගැනීමේ උද්ඝෝෂණ මාලාව කෑගල්ල දිස්ත්‍රික්කයෙන් හෙට ආරම්භ කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් කියා සිටියේ සියලූ දිස්ත්‍රික්ක ආවරණය කරමින් මෙම උද්ඝෝෂණ පැවැත්වෙන බවයි.
මාකදුරේ මදූෂ් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව පවසන එක්සත් ජාතික පක්ෂය අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි කනක හේරත් මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රශ්ණ කර සිටියා.
මේ අතර බදුල්ලේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න කියා සිටියේ මාකඳුරේ මධුෂ් වැනි පාතාල නායකයින් නිර්මාණය වීමට රටේ පවතින දේශපාලන සංස්කෘතිය හේතුවී ඇති බවයි.