Gossips

පළාත් සභා මැතිවරණයට පෙර මහ මැතිවරණයට සහ ජනාධිපතිවරණය ගැන පක්ෂ දෙකක අදහස්

මේ වනවිට රටේ පවතින ආර්ථික තත්ත්වය මත ජනතාවගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
ඒ හේතුවෙන් වහා මහ මැතිවරණයක් කැඳවීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි එම පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් කොළඹ අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.
කෙසේ වෙතත්, දෙණියාය ප්‍රදේශයේ ඊයේ (13) පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය මනෝ ගනේෂන් ප්‍රකාශ කළේ පළාත් සභා මැතිවරණයකට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවයි.