Gossips

පළාත් සභා මැතිවරණයට, අලුත් යෝජනාවක්

14 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය කලාප ක්‍රමයට ද පැවැත්විය හැකි බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කුමන ආකාරයෙන් හෝ මේ වසර අවසන්වීමට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බවට තමන් අපේක්ෂා කරන බවයි.
මේ අතර, ඉදිරි පළාත් සභා මැතිවරණය ප්‍රමාදයකින් තොරව පැවැත්වීමේ අවශ්‍යතාවය අවධාරණය කිරීම සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ හමුවක් ලබන 26 වන දා පැවැත්වීමට නියමිත බවයි මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කළේ.
එමෙන්ම ඉදිරි මැතිවරණය පවත්වන්නේ කුමන ක්‍රමවේදයකට ද යන්න පිළිබදව තීරණය කිරීමේ අරමුණින් ලබන මස 06 වන දා පාර්ලිමේන්තුවේදී විශේෂ විවාදයක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇති බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මැතිවරණය ක්‍රමය පිළිබදව හඳුනාගත් අර්බුද නිරාකරණය කර ගනිමින් ඉදිරි පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවයි අමාත්‍ය මනෝ ගනේෂන් වැඩිදුරටත් කියා සිටියේ.