Politics Sri Lanka

පළාත් සභා මන්ත‍්‍රීවරයා හා ඔහුගේ බිරිඳ රිමාන්ඩ්

පළාත් සභා මන්ත‍්‍රීවරයා හා ඔහුගේ බිරිඳ රිමාන්ඩ්

පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ චෝදනාව මත දකුණු පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී එම්.කේ කසුන් සහ ඔහුගේ බිරිඳ 13 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර තිබේ. තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද(10)දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.

කඩුවෙල සිට කොල්ලුපිටිය දක්වා ධාවනය වන 177 බස් රථයේ රියදුරෙකුට බස් රථය නවත්වා තලංගම කොස්වත්ත මංසන්ධියේදී දකුණු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ මෙලෙස පහර දී ඇත.