දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වෙත අද දිනයේ භාරදෙන බවයි.
දැරියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 28 වනදා අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර පසුව ඇප මත මුදාහැරුණා.
