උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ටි.රවිහරන් මුලතිව් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (28) උදැසන මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
පසුගිය 22 වැනිදා මුලතිව් මිනින්දෝරු කාර්යාලය ඉදිරිපිටදි පැවැත්වු විරෝධතාවයකදී රාජ්‍ය දේපළ වලට හානි සිදුකිරීමේ වරද යටතේයි මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා අද (28) මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
