Gossips

පළාත් සභා ඡන්ද විමසීම ගැන නිර්දේශ ලබාදීමට පංච පුද්ගල කමිටුවක්

පළාත් සභා ඡන්ද විමසීම සම්බන්ධයෙන් නිර්දේශ ලබාදීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කරන බව කථා නායක කාර්යාලය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුල එම කමිටුවේ නියෝජිතයන් නම් කරන බවයි.
පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව සම්බන්ධයෙන් වන ඡන්ද විමසීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කළ කථානායක කාර්යාලය පෙන්වා දෙන්නේ ව්‍යවස්ථානුකූලව කථානායකවරයා විසින් පනතේ වගන්ති අනුව ඉදිරි පියවර ගන්නා බවයි.
ඒ අනුව, පක්ෂ නියෝජිතයින්ගේද එකඟත්වයෙන් පංච පුද්ගල කමිටුවක් කථානායකවරයා විසින් ඉදිරියේදී නම් කිරීමට නියමිතව තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයාට අමතරව මෙම කමිටුවට පත් කෙරෙන සෙසු සාමාජිකයින් දේශපාලනඥයින් නොවන ක්ෂේත්‍රය පිළිබඳව දැනුමක් ඇති බුද්ධිමතුන් බව කථානායක කාර්යාලය නිවේදනය කළා.