Gossips

පළාත් සභා ඡන්දය වෙනුවෙන්, පොදුජන පෙරමුණ පොදුරාජ්‍ය මණ්ඩලයට

පළාත් සභා ඡන්දය කල් දැමීමට කටයුතු කළහොත් ඒ පිළිබදව පොදුරාජ්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
කෙසේ වෙතත්, ඔක්තෝම්බර් මාසය අවසන්වීමට පෙර අවසන් නිගමනයකට පැමිණියහොත් ලබන වසරේ ජනවාරි 5 වන දා පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසමේ සහ සීමා නිර්ණ කොමිසමේ සභාපතිවරුන් ඊයේ ප්‍රකාශ කළා. ඒ, කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදියි.
පමා වී ඇති පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා කැදවා තිබූ එම සාකච්ඡාවට අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා සහ පක්ෂ නායකවරුන් එක්ව සිටියා.
එසේම මැතිවරණ කොමිසමේ සහ සීමානිර්ණ කොමිසමේ සභාපතිවරුන් මෙන්ම නීතිපතිවරයා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ද ඊට සහභාගි වී තිබුණා.
මේ අතර, කොළඹ පැවති උත්සවයකින් අනතුරුව අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම රජයේ ද වුවමනාව බවයි.