Gossips

පළාත් සභා ඡන්දය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්නැයි මැතිවරණ කොමිසමෙන් ජනපතිට ලිපියක්

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය පදනම කුමක්දැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබෙනවා.
පළාත් සභා මැතිවරණය මෙතෙක් පමාවීමට හේතුවී ඇත්තේ සීමා නිර්ණ ඇගයීම් කමිටුවේ වාර්තාව පමාවීමයි.
එලෙස සීමා නිර්ණ වාර්තාව නොමැති විට පැරණි සීමා නිර්ණ වාර්තාව මත පළාත් සභා ඡන්දය ද පැවැත්විය හැකිද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයට තීරණය කළ හැකි බව මැතිවරණ කොමිසමේ අදහසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 – 1 ඩී වගන්තියට අනුව මැතිවරණ කොමිසමේ උපදේශ මත ජනාධිපතිවරයා විසින් මැතිවරණ පැවැත්වීමේ වාතාවරණයක් සකස් කළ යුතු වනවා.
ඒ අනුවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත අදළ ලිපිය යොමුකර ඇත්තේ.