Gossips

පළාත් සභා ඡන්දය ගැන පක්ෂ නායකයන්ගේ තීරණාත්මක හමුවක්

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් තීරණාත්මක පක්ෂ නායක හමුවක් ලබන සතියේ පැවැත්වීමට නියමිතයි.
කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම පක්ෂ නායක හමුවේදී පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමවේදය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
මේ වනවිට පක්ෂ නායකයන්ගෙන් බහුතරයක් පැරණි ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට එකඟතාවය පළ කර තිබෙනවා.
පාර්ශව කිහිපයක් පමණක් මැතිවරණ ක්‍රමය සංශෝධනය කර නව ක්‍රමවේදය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට යෝජනා ඉදිරිපත් කර ඇති බව සඳහන්.
මේ අතර, ලබන සතියේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී යම් හෙයකින් පැරණි ක්‍රමවේදය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සියලු පක්ෂ නායකයින්ට එකඟතාවයකට පැමිණීමට හැකි වුවහොත් එළැඹෙන 24 වැනි සිකුරාදා පළාත් සභා සීමා නිර්ණ වාර්තාව සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදය එතරම් ප්‍රතිඵලදායක නොවනු ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, පක්ෂ නායකයන්ට මැතිවරණ ක්‍රමය පිළිබඳව අවසන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත් එය උණුසුම් මුහුණුවරක් ගනු ඇති.
පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කළේ මීට වසරකට පමණ කාලයකට ඉහතදී පත්කළ පළාත් සභා සීමා නිර්ණ කමිටු වාර්තාව ලබන සතියේ කතානායකවරයා වෙත ලබාදීමට නියමිත බවයි.
මේ වනවිට පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ නායකයන්ගේ එකඟතාවයන් පිළිබඳව අමාත්‍ය මනෝ ගනේෂන් අප කළ විමසීමකදී මෙලෙස ප්‍රතිචාර දැක්වූවා.