Gossips

පළාත් සභා ඡන්දය ඉල්ලන පෙත්සම,29 වන දා ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම ලබන 29 වන දා සලකා බැලීමට තීරණය කර තිබෙනවා.
ඒ, එම පෙත්සම සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැදවූ අවස්ථාවේදියි.
එහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු එහි සාමාජිකයින්ට මීළඟ නඩු වාරයේදී පෙනී සිටින ලෙස දැනුම් දෙන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.