Gossips

පළාත් සභා ඡන්දය ඉල්ලන ඒකාබද්ධයේ විරෝධතා මාලාව කුරුණෑගලින් ඇරඹේ

වත්මන් ආණ්ඩුව පලවා හැරීම සහ පළාත් සභා මැතිවරණ කඩිනමින් පවත්වන ලෙසට බලකිරීමේ අරමුණින් සංවිධාන කෙරෙන දැවැන්ත උද්ඝෝෂණ මාලාවේ පළමු අදියර ලබන මස 09 වනදා කුරුණෑගලින් ආරම්භ කෙරෙන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා සඳහන් කළේ පසුගියදා හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණය අනුව දිවයින පුරා විරෝධතා ව්‍යාපාර අඛණ්ඩව සිදුකරන බවයි.
මේ අතර, වංචනික මිල සූත්‍ර ඉදිරිපත් කරමින් ජනතාව මුලා නොකොට ඉන්ධන සඳහා සහන ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර ප්‍රදේ්ශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.