Gossips

පළාත් සභා ඡන්දයේදී පක්ෂ 5ක් මනාප ක්‍රමයට මනාපයෙන්

ඉදිරි පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමවේදය පිළිබදව දේශපාලන පක්ෂ මේ වනවිට විවිධ අදහස් පළ කරමින් සිටිනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම පවසන්නේ එය පැරණි සමානුපාතික ක්‍රමයට පැවැත්විය යුතු බවයි.
එහෙත් එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පවසන්නේ ඉදිරි පළාත් සභා මැතිවරණය නව ක්‍රමය යටතේ පැවැත්වීම සුදුසු බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද පැරණි ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීම සුදුසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල කියා සිටියා.
මේ අතර, ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙන්නේ ඉදිරි පළාත් සභා මැතිවරණය නව ක්‍රමය යටතේ පැවැත්වීම සුදුසු බවයි. එහෙත් එම ක්‍රමයේ පවතින යම් යම් තාක්ෂණික ගැටළු නිවැරදි කර ගත යුතු බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පෙන්වා දුන්නා.
දමිළ ප්‍රගතිශීලී සන්ධානය ප්‍රකාශ කරන්නේ ඉදිරි පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමය යටතේ පැවැත්වීම සුදුසු බවයි එහි නායක අමාත්‍ය මනෝ ගනේෂන් ද කියා සිටියා.
කේවල හා සමානුපාතික මිශ්‍ර නව මැතිවරණ ක්‍රමය හේතුවෙන් රට අස්ථාවර වන බවත් ඉදිරි පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණ පැරණි මනාප ක්‍රමය යටතේම පැවැත්විය යුතු බව සමස්ත ලංකා මහජන කොංග්‍රසය පවසනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි සභාපති අමාත්‍ය රිෂාඞ් බදියුදීන් කියා සිටියේ මැතිවරණ ක්‍රමයක් සකස් කළ යුත්තේ පක්ෂයකට හෝ නායකයෙකුට වාසි වන අයුරින් නොව රටට වාසිවන අයුරින් බවයි.
ඉදිරි පළාත් සභා මැතිවරණය පැරණි සමානුපාතික ක්‍රමය යටතේම පැවැත්විය යුතු බව ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ද ප්‍රකාශ කළා.