Politics Sri Lanka

“පළාත් සභා ඡන්දයත් සැප්තැම්බරයේ එයි”… “දැන්නම් විවේකයකුත් ඕනා…”

“පළාත් සභා ඡන්දයත් සැප්තැම්බරයේ එයි”… “දැන්නම් විවේකයකුත් ඕනා…”

පළාත් සභා මැතිවරණය මේ වසරේ සැප්තැම්බර් මාසය වනවිට පැවැත්වෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන්ක රයි.

නැගෙනහිර, උතුරුමැද හා සබරගමුව පළාත් සභාවල නිල කාලය දැනටමත් අවසන් වී තිබෙන අතර මධ්‍යම, උතුර හා වයඹ පළාත් සභාවල නිල කාලය සැප්තැම්බර් මාසයේදී අවසන් වීමට නියමිත බවද ඒ මහතා අවධාරණය කළේ ය.

පළාත් සභා සඳහා සීමා නීර්ණය කිරීමේ කටයුතු අවසන් කර අදාළ වාර්තාව මේ වනවිට ඇමතිවරයා වෙත භාර දී ඇති බවත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගෙන ගැසට් කළ යුතුව ඇති බවත් ඒ මහතා සඳහන් කර සිටියේය.

යම් හෙයකින් එය පාර්ලිමේන්තුවේදී සම්මත නොවූවහොත් යළිත් වරක් එය මාසයක් හෝ දෙකක් ඇතුළත සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත යුතු බවත් ඒ මහතා කියා සිටියේය.

ඒ අනුව බොහෝ දුරට සැප්තැම්බර් මාසයේ පළාත් සභා මැතිවරණය පැවැත්වෙනු ඇතැයි තමා අපේක්ෂා කරණ බවත් පැවසූ ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටිවේ දැන් තමන්ට එකදිගට වැඩ වැඩිවීම නිසා මායක පමණ විවේක කාලයක් අවශ්‍යව ඇති බවත් ය.