Gossips

පළාත් සභා ඡන්දයට, පාර්ලිමේන්තුවේ ඡන්දයක්

පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව සම්බන්ධයෙන් එළැඹෙන 24 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාද කර ඡන්ද විමසීමක් පැවැත්වීමට අද පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරුණු බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන පවසනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වුණේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම සඳහායි.
මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැරණි ක්‍රමයට හෝ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට එකඟත්වය පළ කළ බවයි දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක, අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේ.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සුළු පක්ෂවල නායකයින් ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී හිටපු ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළා.
ඊට දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක, අමාත්‍ය මනෝ ගනේෂන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නයාක අමාත්‍ය රාවුෆ් හකීම් සහ ඊ.පී.ඩී.පී. නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා එක්වුණා.