Gossips

පළාත් සභාවල භාවිත කළ නොහැකි වාහන 1592 ක්

පළාත් සභාවලට අයත් වාහන වලින් ධාවනය කළ නොහැකි තත්ත්වයේ වාහන 1592 ක් ඇති බවට අනාවරණ වී තිබෙනවා.
පළාත් සභා 9 සතුව වාහන 15,946 ක් පවතින අතර, මේ අනුව, ධාවනය කළ හැකි මට්ටමේ පවතින්නේ වාහන 14,354 ක් බවයි මුදල් අමාත්‍යාංශය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ වාර්තාවක දැක්වෙන්නේ.
ධාවනය කළ නොහැකි වැඩිම වාහන සංඛ්‍යාවක් නැගෙනහිර පළාත් සභාව සතුව පවතින අතර, එම සංඛ්‍යාව 423ක්. බස්නාහිර පළාත් සභාව සතුව වාහන 384 ක් ද උතුර පළාත් සභාව සතුව වාහන 236 ක් ද ධාවනය කළ නොහැකි බවට හෙළි වී තිබෙනවා.
මේ අනුව, මෙම වාහන කඩිනමින් අපහරණය කිරීම සඳහා පියවර ගන්නා ලෙස උපදෙස් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.