හෙට (16) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව සබරගමුව, ඌව, මධ්‍යම, දකුණ, බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
වැසි පවතින අවස්ථාවල අකුණු අනතුරු සිදුවිය හැකි බැවින් ඒවා අවම කර ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.