Gossips

පළාත් රැසකට තද වැසි

බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, ඌව, උතුරුමැද, මධ්‍යම සහ දකුණු පළාත්වල ඉදිරි දිනවලදී මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම වැසි පවතින අවස්ථාවල ප්‍රබල අකුණු සමඟ පැයට කිලෝමීටර් 70ත්, 80ත් දක්වා වූ තාවකාලික තද සුළං ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අකුණු සහ ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවල ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.