Gossips

පළාත් රැසකට අද සහ හෙට තද වැසි

සබරගමුව සහ මධ්‍යම පළාත්වලට අද සහ හෙට මිලිමීටර් 150 ඉක්ම වූ ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම බස්නාහිර, වයඹ, දකුණ සහ ඌව පළාත්වලට මිලිමීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද සහ හෙට අපේක්ෂා කරන අතර, ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.