Gossips

පළාත් පාලන ආයතන වල සභිකයින්ගේ නම් අද (09) ගැසට් කෙරේ

මෙවර මැතිවරණයේදී පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ නාම ලේඛණය අද (09) ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසම පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු මේ බව කියා සිටියා.
රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ ද කියා සිටියේ පළාත් පාලන ආයතන වලට තේරී පත් වූ සභිකයින්ගේ නාම ලේඛණය මුද්‍රණය සඳහා ලැබී ඇති බවයි.
ඊට අදාළ නිර්දේශය ලැබුණු වහාම අද (09) එය ප්‍රකාශයට පත් කරන බව ද ඇය සඳහන් කළා.