Gossips

පළාත් පාලන ආයතන පිහිටුවීම කල් යාමට දේශපාලන පක්ෂවල විරෝධය

පළාත් පාලන ආයතන පිහිටුවීම ප්‍රමාද වීම පිළිබඳව දේශපාලන පක්ෂ විවිධ අදහස් පළ කරනවා.
අදාළ ආයතන පිහිටුවීම තවත් සතියකින් කල් දමන ලෙසයි මැතිවරණ කොමිසම පලාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත්තේ.
මීට පෙර එම ආයතන මාර්තු 6 වනදා පිහිටුවන බවට අමාත්‍යාංශය නිවේදනය කළා.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ප්‍රකාශ කළේ නව පළාත් පාලන ඡන්ද ක්‍රමය ප්‍රායෝගිකව සාර්ථක කර ගැනීම සඳහා යම් කාලයක් ගත වනු ඇති බවයි.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල ද පළාත් පාලන ආයතන පිහිටුවීම කල් යාම පිළිබදව අදහස් පළ කරමින් කියා සිටියේ දිනෙන් දින කල් යාම සම්බන්ධයෙන් ගැටළුසහගත තත්ත්වයක් මතුව ඇති බවයි.
පළාත් පාලන ආයතන පිහිටුවීම කල් යාමෙන් ග්‍රාමීය ජනතාවගේ ගැටලූ තව තවත් වර්ධනය වෙමින් පවතින බවයි ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ් පළාත් පාලන ආයතන පිහිටුවීම සම්බන්ධ නීතිමය තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්විය යුතු බවයි.