Gossips

පළාත් දෙකක STF මෙහෙයුමක්

පොලිස් විශේෂ කාර්ය බලකාය බස්නාහිර සහ දකුණු පළාත්වල සිදුකළ විශේෂ මෙහෙයුමකින් අත්බෝම්බ, ගිනි අවි සහ උණ්ඩ තොගයක් සමග සැකකරුවන් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජනවාරි මස පළමුවනදා සිට මෙම මස 17 වනදා දක්වායි මෙහෙයුම සිදුකර ඇත්තේ.
එහිදී අත්බෝම්බ 5 ක්, ටී 56 අවි 2 ක් සහ එම වර්ගයේ මැගසින් 2 ක්, ටී 56 උණ්ඩ 151 ක්, කඩු 7 ක්, කුඩා ගිනි අවියක් සහ මැගසින් 2 ක්, රිවොල්වර 5 ක් සහ පිස්තෝල හා රිවොල්වර උණ්ඩ 385 ක් හමුවී තිබෙනවා.
වෙනත් උණ්ඩ 810 ක්, පතොරම් තුවක්කු 3 ක්, හෙරොයින් ග්‍රෑම් 56 ක් සහ අයිස් නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 111 ක් ද සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.