උතුර, දකුණ සහ වයඹ පළාත්වල මෙන්ම මොණරාගල, අනුරාධපුර, මාතලේ යන දිස්ත්‍රික්කවල සුළඟේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ඇතැම් ස්ථානවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40 ත්, 45ත් අතර මට්ටමකින් ඉහළ යා හැකි බවයි.
එමෙන්ම, බස්නාහිර පළාතේ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ ද ස්ථාන කිහිපයක අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කළා.
