Gossips

පළාත් කිහිපයක සුළගේ වේගය ඉහළට

උතුර, උතුරුමැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල මෙන්ම මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සුළගේ වේගය පැයට කිලෝමීටර 40 ත් 45 ත් අතර ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව පළාතට සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට අද දිනයේදී වැසි වාර කිහිපයක්ද ඇතිවිය හැකි බවයි.
එමෙන්ම වැලිපැන්න, වැද්දාගල, පල්ලෙබැද්ද, අඟුණකොළපැලැස්ස සහ මහයියාව යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.