Gossips

පළාත් කිහිපයක් තවදුරටත් සීතල වෙයි

උතුරු, උතුරු මැද, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත්වල තරමක ශීත කාලගුණ තත්ත්වයක් තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනේ බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.
කෙසේ වෙතත් රත්නපුර දිස්ත්‍රික්කයේ වැසිවාර ස්වල්පයක් ඇති විය හැකි බව සඳහන්.