Gossips

පළාත් කිහිපයකට මිලිමීටර 50 ක පමණ තද වැසි

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලට අද දිනයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීරට 50 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකියි.