Gossips

පළාත් කිහිපයකට මිලිමීටර 150 දක්වා තද වැසි

පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ පළාත් කිහිපයකට ඉදිරි දින කිහිපයේදීත් තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මධ්‍යම, ඌව, සබරගමුව, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 දක්වා පස්වරුවේ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව ජනතාව අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.