Gossips

පළාත් කිහිපයකට පස්වරුවේත් තද වැසි

මධ්‍යම, සබරගමුව, ඌව, උතුර සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට අද (18) පස්වරුවේ මිලිමීටර 100 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා ඉදිරි දින කිහිපයේ වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකියි.