Gossips

පළාත් කිහිපයකට පස්වරුවේ තද වැසි

දිවයිනේ උතුර, නැගෙනහිර, උතුරුමැද මධ්‍යම සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර, කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් පස්වරුවේ මිලිමීටර 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම සබරගමුව පළාතේද ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 45 දක්වා වැඩිවීමේ හැකියාවක්ද පවතිනවා.