Gossips

පළාත් කිහිපයකට තවදුරටත් වැසි

දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා තවදුරටත් වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, නැගෙනහිර, ඌව සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක වලට ද මෙම වැසි ඇති විය හැකි බවයි.
ඇතැම් ස්ථානවලට එම වැසි මිලිමීටර් 100 ඉක්ම විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
මීට අමතරව ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළ සීමාවේ සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 70ත්, 80ත් අතර ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.